27.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු

Data සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. පාරිභෝගික ජනතාව ව්‍යාකූල කරනු ලබන Day Time Data සහ Night Time Data කියා වෙන්කර Data ලබා දීම අවශ්‍ය නොමැති බව රොහාන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Day Time Data සහ Night Time Data යනු විදුලි සංදේශ සේවා සපයන සමාගම් අලෙවිකරණයේදී කරනු ලබන වචන හරඹයක් බවත්,  Night Time Data යනු නොමිලේ ලබාදෙන ඩේටා කාණ්ඩයක් බවත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පෙන්වා දුන්නේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිදු සමාගමක් සඳහා Night Time Data අනුමත නොකරන බවද, Night Time Data ලබා දෙන්නේනම් එය නොමිලේ ලබා දෙන Data බව සමාගම් පැවසිය යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා මේ බව කියා සිටියෝය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර වහා හදන්නැයි කියයි..

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj

හඳගිරිය වනෝද්යනයේ කිලෝමීටර් 30ක මාර්ග හදයි..

Shiran Viraj
Translate »