mediahumanrights.lk
Local NewsNews

සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයි

ඉකුත් ජූනි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවුණු සියලූ රැඳවූවන් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් වෙනම රඳවා තබන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර අධිකාරීවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, එම බන්ධනාගාරයේ රැඳවූවෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (07) තහවුරු වීමත් සමගයි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ එහි නිලධාරීන් පිරිසකට අදත් PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

බන්ධනාගාර රෝහලේදී එම පරීක්ෂණ සිදුකෙරෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

තවද, සියලු බන්ධනාගාරවල රඳවා ඇති රැඳවූවන් බැලීම අමුත්තන් සදහා තාවකාලිකව අත්හිටුවීමටද මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී ද, වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවූවන් සහ නිලධාරීන් පිරිසකට PCR පරීක්ෂණ සිදුකළා. එම පරීක්ෂණය සඳහා පෙනී සිටි රැඳවියන් සහ නිලධාරීන් 210 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැනුණු වැලිකඩ බන්ධනාගාර රැඳවියා පුනරුත්තාපනය වෙමින් සිටි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින සියලූදෙනා ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවයි යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2081 ක්. ඉන් ආසාදිතයින් 1955 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 115 දෙනෙකු පමණයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් රාජ්‍ය ඇමතිවරු 04ක්.. පිල්ලෙයාන්ටත් එකක්…

Shiran Viraj

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Shiran Viraj

විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයි

Shiran Viraj
Translate »