mediahumanrights.lk
Local NewsNews

නිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනී

කටුගස්තොට, පොල්ගොල්ල, නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලූයම මහවැලි ගගට පැන තරුණයෙකු සහ තරුණියක් දිවිහානි කර ගෙන තිබෙනවා.

කහාපල්ලේ, තලවින්න ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණයෙකු සහ පොල්ගොල්ල, නවයාලතැන්න ප‍්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන් එම ප‍්‍රදේශයේ පාසල් 02 ක 10 වන සහ 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබූවන්. ඔවුන් දෙදෙනා ඊයේ (06) සිට නිවෙස්වලින් අතුරුදන්ව ඇති අතර මව්පියන් විසින් ඒ පිළිබඳ කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මත සිටින බවට අද අලූයම 05.45 ට පමණ මව්පියන් වෙත තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව මව්පියන් විසින් අදාළ ස්ථානයට ගොස් දරුවන් දෙදෙනා හට හඬගැසූවත් ඒ බව නොතකා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් මහවැලි ගගට පැන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

මව්පියන්ගේ කෑගැසීම නිසා එම ස්ථානයට පැමිණි ප‍්‍රදේශවාසීන් විසින් අදාළ තරුණයා සහ තරුණිය ජලයෙන් ගොඩට රැගෙනවිත් තිබෙනවා. එහෙත්, ඒ වනවිට ද ඔවුන් මියගොස් සිට ඇති බවයි කටුගස්තොට පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

Related posts

ආනවිළුන්දාව අභය භූමියට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඞ්

Shiran Viraj

ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

Shiran Viraj

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »