2026-02-27
mediahumanrights.lk
Local NewsNews

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සියලුම රාජතාන්ත‍්‍රික නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙරටට පැමිණීමට පැය 72 ක ට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යංශය පවසයි.

එසේ වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි සියලුම රාජතාන්ත්‍රිකයන් කටුනායකදී කොරොනා පරීක්ෂණ සඳහා අනිවාර්යෙන්ම ඉදිරිපත් විය යුතු බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉන් පසු ඔවුන් නවාතැන් ගන්නා ස්ථානය තුල සති දෙකක කාලයක් නිරෝධායනය ලක් විය යුතු බවත් අදාල රටේ තානාපති කාර්යාලය එය අධීක්‍ෂණය කල යුතු බවත් අමාත්‍යාංශය කියා සිටී.

එමෙන්ම රාජකාරි ආරම්භ කිරීමට පෙර නැවත වතාවක් ඔවුන් කොරෝවා පරීක්ෂණයක් සිදු කර ගත යුතුය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑ

Shiran Viraj

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Shiran Viraj

සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..

Shiran Viraj
Translate »