23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsSportsSports News

දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේ

රට විවෘත කිරීමෙන් පසු පළමුවරට කී‍්‍රඩා කිහිපයක පුහුණුවීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදුන් මාර්ගෝපදේශයන්ට යටත්ව කි‍්‍රකට්, කබඩි, බර ඉසලීම, වූෂු ඇතුළු කි‍්‍රඩා ඉසව් කිහිපයක පුහුණුවීම් කටයුතු ආරම්භ කෙරෙන බවයි කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් කේ ඞී එස් රුවන්චන්ද්‍ර නෙත් ස්පෝට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ.

මාස දෙකහමාරක පමණ කාලයකට පසු ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුවීම් ද අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, සීමිත කී‍්‍රඩකයින් පිරිසකගේ සහභාගීත්වයෙන්. තෝරාගත් කී‍්‍රඩකයින් 13 දෙනෙකු පමණක් එම පුහුණුවීම් සැසියට එක්වන බවයි ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. මෙය දින 12 ක නේවාසික පුහුණු සැසියක් ලෙසින් කි‍්‍රයාත්මකයි.

පුහුණු සැසියේ පළමු දිනය යෙදෙන අද එම කී‍්‍රඩකයින් කොළඹ හෝටලයක ඇති ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන සහ පිහිනුම් තටාකය උපයෝගී කර ගනිමින් සිය කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පළමු අදියරේදී මෙම පුහුණු සැසිය සඳහා වේගපන්දු යවන්නන් 06 දෙනෙකු, දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සහ තවත් පිතිකරුවන් දෙදෙනෙකු එක්වීමට නියමිතයි.

ඒ අනුව පුහුණු සැසියේ මුල් කාලසටහනට ඇතුළත්ව සිටින්නේ  සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, ලහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් සහ ඉසුරු උදාන ඇතුළු කී‍්‍රඩකයින් 13 දෙනෙක්.

මෙම පුහුණු සැසියේදී කී‍්‍රඩකයින්ට සත්කාර සිදුකරන හෝටලයේ සේවක පිරිස ද දින 12 ක කාලයක් නොවෙනස්ව කී‍්‍රඩකයන් සමග සිටීම ද විශේෂත්වයක්.

පුහුණු සැසිය කි‍්‍රයාත්මක අවස්ථාවල කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඒ සඳහා එක්වීමට අවස්ථාව හිමි නොවන බවයි කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල්  සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බජට් හදන්න මරු

Shiran Viraj

පෙම්වතා සමඟ යතුරුපැදියේ ගිය පෙම්වතිය අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගිය හැටි CCTV කැමරාවේ

Shiran Viraj

කොළඹ කුණු දමන්නන් වීඩියෝ කෙරෙයි – මහල් නිවාසවලටත් අළුත් නීති

Shiran Viraj
Translate »