mediahumanrights.lk
Local NewsNews

ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..

කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක සහිත බව හිටපු ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පාලනය කරගෙන ඇති කොරෝනා වසංගතය යළි බෝකිරීම සඳහා ඇමෙරිකාව විසින් අදාළ තානාපති නිලධාරියාට කොරෝනා බෝ කර ලංකාවට එවුවේදැයි දැයි තමන් සැක කරන බවද ඔහු පැවසීය.

තමන් එසේ චෝදනා කරන්නේ තමන් ඒ ගැන එතරම් සැක කරන නිසා යයිද ඔහු පවසයි.

ඇමරිකානු වර්තමාන පාලනය අති දක්ෂිණාංශික පාලනයක් බවත් ඔවුන් දැන් සිටින්නේ යුද වියරුවකින් බවත් ඔහු සඳහන් කරයි.

වියානා සම්මුතිය අනුව රාජතාන්ත්‍රික නිලධාරීන්ට වරප්‍රසාද ඇතත් ශිෂ්ට සම්පන්න රටවල් ඒවා ට මුවා වී වෙනත් රටවල නීති උල්ලංඝනය නොකරන බවද ඔහු පැවසුවේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පූජාට සම්මාන

Shiran Viraj

අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..

Shiran Viraj
Translate »