mediahumanrights.lk
Local NewsNews

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී ඊට පෙර දුරකථන මාර්ග ඔස්සේ වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා.

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසුවේ ඇතැම් පුද්ගලයින් කලින් වේලාවක් වෙන් නොකර සේවාවන් ලබා ගැනීමට සිය කාර්යාල වෙත පැමිණෙන බවයි.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට පෝලිම්වල රැදී සිටීමට සිදු වන බව පවසමින් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ චෝදනා එල්ල කර තිබුණා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර

Shiran Viraj

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj

බහුතරය තීරණය කිරීමට අද නමින් ඡන්දයක්

Shiran Viraj
Translate »