mediahumanrights.lk
Entertainment Entertainment News News

පොතක් ලියන්න සූදානම් වෙනවා

මොනවද මේදවස්වල විනූගේ තොරතුරු?

බිතුසිතුවම් නාට්‍යයේ රඟපානවා.ඒක ටෙලිකාස්ට් වෙනවනේ මේ දවස්වල. ඊට අමතරව නිවේදිකාවක් විදිහට සිකුරාදා හද රැඳී පැය මෙහෙයවනවා. පොතක් ලියන්නත් ප්ලෑන් කරනවා. ඒකට කරුණු එකතු කළා පහුගිය කොරෝනා නිවාඩුවේ.

වෘත්තීය කලා ශිල්පිනියක් ලෙස ඔබ අද ඉන්න තැන පිළිබඳව තෘප්තිමත්ද?

ඇත්තටම මම  MISS SRILANKA WORLD  තරගය ජයග්‍රහණය කිරිමත් සමග දෙරණ රූපවාහිනියෙන් වැඩ සටහන් ලැබුණා.ඒ මගේ පවුලේ නාළිකාවක් වගේ.ඊට පසුව අපේ සහෝදර රූපවාහිනි මාධ්‍ය නාළිකා සියල්ලගෙන්ම පාහේ ලොකු සහයෝගයක් ලැබුණා.ඒ නිරූපිකාවක්,නිවේදිකාවක්,රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න.මම දෙරණින් ආවා කියලා මාව එතෙන්ටම කො‍ටුම නොකර අන් සියලුම නාළිකා වලින් ලබා දුන් සහයෝගය ගැනත් තෘප්තිමත්.අද වන විට මම කලාවේ විවිධ අංශවලින් ඉදිරියට යන්නත් ඒවා තුළ නියැළිලා ඉන්න අවස්ථාව ලැබීම ගැන මම බෙහෙවින්ම තෘප්තිමත් වෙනවා.

ඔබ ලබාගෙන ඇති සම්මාන හා ඇගයිම් ගැන මතක් කළොත් ?

සම්මානයකට වඩා සෑම වසරකම ඒ වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරට මට එකතු වී ඒවායේ තුන්වන ස්ථානය දක්වාම වන තැනකට ඇවිත් තියෙනවා.රූපවාහිනියේ හා සිනමාවේද දායක වුණු ඇතැම් නිර්මාණවලිනුත් ඇඟයීමට ලක් වුණා. විශ්වවිද්‍යාල කිහිපයකින්ම,මගේ පාසලෙන්ද හා විවිධ සංවිධාන මට්ටමිනුත් මම සම්මාන ‍රැසකටම පාත්‍ර වුණා.ඒ වගේම ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගනිමින් ඒ ජනපි‍්‍රයත්වය එක දිඟට රඳවා තබා ගනිමින් වර්තමානයෙත් සෑම මාධ්‍යයකම කටයුතු කරන්න අවස්ථාව ලැබීම ගැනත් මට ඒ සම්මානවලට වඩා වටිනවා.

ඒ වගේම පසුගියදා  Nelson Mendala Peace Awards 2019 නම් සම්මානය මට ලැබුණා.කලා ක්ෂ්ත්‍රයේ නියැළිලා ඉන්න කෙනෙකුට කියලා එහිදි මේ සම්මානය ලැබුණේ මට විතරයි.ඇත්තටම ඒකත් මට වටිනවා. එය මගේ මුලු ජීවිත කාලය තුළදීම ලැබුණු සුවශේෂි වූ සම්මානයක් කියලයි මට හිතෙන්නේ.

ඇත්තටම ඔබ හැම මාධ්‍යයක්ම ජයගෙන මේ විදිහට කටයුතු කරන එකේ රහස කුමක්ද?

මුල අමතක නොකිරීමත්,මගේ තියෙන නිහතමානිකමත්,සෑම කටයුත්තකදීම සියලු දෙනාගේම සහයෝගයෙන් කටයුතු කිරිමත්, වෙනත් අයගේ ඒවා බලෙන් ලබාගෙන ඔවුන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකරිමත්, ලැබෙන හැම කටයුත්තකදීම මට හැකි උපරිමයෙන් සමබරව නිවැරදිව ඒවා ඉ‍ටුකිරිමටත් මගේ ආගම වන බුදු දහමට අනුව එම කටයුතුවල යෙදිමත් තමයි ඒකේ රහස.ඒ නිසාම ස්වභාවධර්මයෙන්ම මට ඒ හැමදේම විවිධ ආයතන හා පුද්ගලයන් තුළින් ඒ අවස්ථාවන් ලැබෙමින් ඒ කාර්යන්වල නිරත වන්නට නැවත නැවතත් අවස්ථාවන් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.

ඇයි තවම කසාද බදින්නේ නැත්තේ ?

ආදරය විවාහය කියලා කියන්නේ කලාකාරියනියකගේ පෞද්ගලික දෙයක්.ඒවා ආරක්ෂා කරගත යුතුයි කියලයි මටනම් හිතෙන්නේ.කොහොම වුණත් මම ප්‍රේමකරනවට වඩා දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් යෝජනාවකින් එන විවාහයකට තමයි වැඩි කැමැත්ත.සුදුසු කාලයේදි ඒ විවාහයත් අනාගතයේදි සිදුවේවි.

කලාකටයුතු වලට ගෙදරින් ලැබෙන සහය කොහොමද?

අම්මා,තාත්තා,අයියා,නංගි යන සියලු දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.කලාවේ නිවරැදි ගමන් මඟක ඇවිල්ලා මම අද ඉන්න තැන ගැනත් ඒ අය ගොඩාක් සතු‍ටු වෙනවා.මගේ කලා දිවියේ මුල් කාලයේ ඉදලම මගේ අම්මා ඇය වැඩ කරපු පෙර පාසල් ගුරු වෘත්තියෙනුත් අයින් වුණා. එදා ඉදල මේ දක්වාම තනි නොතනියටත් මගෙත් එක්ක හැමතැනම යමින් එමින් ඇය කරන ඒ ලොකු කැපකිරිම හා සහයෝගය මම ඉතාම අගය කරනවා.

විනු සිරිවර්ධන කලා ශිල්පිනියක් නොවුණා නම් ?

මම උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්.කලා ශිල්පිනියක් නොවුනානම් බැංකුවක ‍රැකියාවක් කරන්න තිබුණා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

 රංඟන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න තමයි වැඩි කැමැත්ත. ඒ වගේම අනිකුත් සෑම කලා කටයුත්තක්ම හැකි උපරිමයෙන් නිවැරදිව කරන්නත් පුංචි පුංචි විලාසිතා මෙන්ම අලුතින් එන නවීන විලාසිතා හා මෝස්තරද ඇතුළත්ව ඒ මෝස්තර නිර්මාණ කාර්යයන්වල නිරත වීමත් ඒවා අඩංගු කර ප්‍රදර්ශනයක් ඉදිරියේදි පැවැත්වීමටත් අදහසක් තියෙනවා.

උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි

Related posts

මාධ්‍යට විවෘත නොවූ එජාප සංවත්සර සැමරුම

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Shiran Viraj

මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..

Shiran Viraj