mediahumanrights.lk
Local News News

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

කොරෝනා ව්‍යාප්තියෙන් පසු පැනවු නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටළු රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි වෘත්තීය දේශකවරුන් පවසනවා. ලබන 29 සිට උපකාරක පන්ති ද ආරම්භ කිරීමට රජය අවසර ලබාදුන්නේ උපරිම සිසුන් සංඛ්‍යාව 100 කට සීමා කරමින්. සිසුන් 100 දෙනෙකුට හෝ, අදාළ පන්ති කාමරයේ ඉගැන්වීම් පහසුකම් නොමැති ස්ථානවල හෝ උපකාරක පන්ති සඳහා සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් සහභාගී කරවීමට ද අවසර ලබා දෙන බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඒ අනුව මෙතෙක් පැවති ශාලාවල උපකාරක පන්ති පැවැත්වීම සහ ඒ සදහා සිසුන් තෝරා ගන්නේ කෙසේදැයි මේ වනවිට සමාජයේ කතාබහක් මතුව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ නුගේගොඩ, ගම්පහ, කුරුණෑගල සහ මහනුවර ඇතුළු ප‍්‍රධාන නගරවල ඇති බොහෝ උපකාරක පන්තිවල සිසුන් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගොස් තිබීමයි. ඇතැම් දේශණ ශාලාවල මේ වනවිටත් ප‍්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් හෝ නොමැති අවස්ථාවක නව සීමා යටතේ උපකාරක පන්ති පවත්වන්නේ කෙසේ දැයි ජනතාව ප‍්‍රශ්න කරනවා. ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළා.

වෘත්තීය දේශකවරුන් පවසන්නේ. සිසුන් දහසක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින උපකාරක පන්ති පැවැත්වීමේදී මෙම සීමා ප‍්‍රායෝගික නොවන බවයි.

ප‍්‍රවීණ දේශක තිස්ස ජනනායක පෙන්වා දෙන්නේ ළමයි 1000ක් සඳහා අවශ්‍ය කරන ඉඩ පහසුකම් තිබියදීත් ළමුන් 100ක් යොදා ගැනීමට නිර්දේශ කිරීම ගැටලු සහගත බවයි.

ඔහු සදහන් කළේ නව සීමා හේතුවෙන් පන්තියක් සම්පූර්ණ කිරීමට එකම පන්තිය අවස්ථ රැසකදී පැවැත්වීමට සිදුවන බවයි. එබැවින් ළමුන් සියයේ සීමාව ළමුන් දහසක් හෝ ඊට වැඩි පන්ති සදහා 250 ක් ලෙස සංශෝධනය කිරීම වඩා යෝග්‍ය බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රජය ප‍්‍රකාශ කළේ සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ද ආරක්ෂා කරගනිමින් උපකාරක පන්ති පැවැත්විය යුතු බවයි. මෙම සියලූ අවසරයන් ලබාදී ඇත්තේ නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අදාළ සියලූ පාර්ශ්වයන් විසින් පූර්ණ වශයෙන් පිළිපැදීමට යටත්වයි.

උපකාරක පන්ති පමණක් නොව ආගමික ස්ථානවල සිදු කෙරෙන ආගමික කටයුතු සදහාද සීමා පැනවීමට රජය ඉකුත්දා තීරණය කළා. ඒ අනුව ඒ සඳහා රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

යළිත් රාජපක්ෂවරුන් බලයට එයි? – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

Shiran Viraj

ඔබත් ජංගම දුරකථනයේ වහලෙක් ද? ජංගම දුරකථනයට ඇබ්බැහිවීම රෝගයක්

Shiran Viraj