mediahumanrights.lk
NewsSportsSports News

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් මහා තරගය ශ්‍රී ලංකාව පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයත් සමඟ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සිය ට්විටර් ගිණුම් ඔස්සේ සඳහන් කර තිබුනේ ඒ පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් ඒවා අනාවරණ කරන ලෙසය.

එවන් පසුබිමක හිටපු ක්‍රිඩා අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් අද කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයෙදී උද්ඝෝෂණයක් පැවැත්වුණි.

මේ අතර ලෝක කුසලාන තරග පවාදීමට තමන් සම්බන්ධ නැත්නම් ක්‍රීඩකයන් ඒ ගැන වදවෙන්නේ ඇයිද යන්න හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කර තිබුණි.

එම ප්‍රකාශයට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන මහේල ජයවර්ධන “ඊළඟ වතාවේ තොප්පිය පැළඳීමට පෙර  සහ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔහුගෙන් විමසා  බැලීමට අප කටයුතු  කරන්නම්, මන්ද ඔහුට ඒ විෂය පිළිබඳ විශාල අත්දැකීම් ඇති බැවින් ” යනුවෙන් සඳහන් කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

උද්දමනය වාර්තාගත ලෙස ඉහලට

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට එරෙහි වන්නැයි ඉන්දීය දේශපාලන පක්ෂයකින් අගමැති මෝදිට බලපෑම්

Shiran Viraj
Translate »