mediahumanrights.lk
International News News

ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායි

දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ චීනය අතර වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.

ඉන්දු – චීන දේශ සීමාවේදී දෙරටෙහි හමුදා සෙබලූන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබලූන් 20 දෙනෙකු මිය යාමත් සමග මතුව ඇති අර්බුදය හේතුවෙන් අමෙරිකාව මෙම ප‍්‍රකාශය සිදු කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

Shiran Viraj

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Shiran Viraj

"සම්බන්ධන්ට වඩා මම දෙමල ජනතාවට සේවය කළා" – ගෝඨාගෙන් ප්‍රකාශයක්

Shiran Viraj