mediahumanrights.lk
International NewsNews

ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව පුරා සෞඛ්‍ය සේවයකයින් අනූ දහසකට පමණ වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරස ව්‍යාප්තියෙන් සිදුවූ ගෝලීය මරණ ගණන දෙලක්ෂ හැටතුන්දහස් එකසිය හතලිස් හයක් ලෙසින් දැක්වෙද්දී ආසාදිතයින් ගණන මිලියන 3.7ක් ලෙස සටහන්ව තිබුණි.

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය සඳහා ගෝලීය රටවල් අසමත්වීම හේතුවෙන් මේ වනවිට රටවල් 30ක සෞඛ්‍ය අංශ සේවයකින් එම වෛරසයට ගොඳුරුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර හෙද කවුන්සිලය උපුටා දක්වන එම වාර්තා පෙන්වා දෙන්නේ, ඉන් හෙදියන් 260දෙනෙකු දැනට මියගොස් ඇති බවයි.

සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති තත්ත්වය බොහෝ රටවල් අවතක්සේරු කරන බවත්, ආසාදිත සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව ගණනන කරගැනීමට ඔවුන් අපොහොසත්වී ඇති බවත් එම කවුන්සිලය වැඩිදුරටත් චෝදනා කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාව

Shiran Viraj

මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනි

Shiran Viraj

Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…

Shiran Viraj
Translate »