mediahumanrights.lk
Local NewsNews

නෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවට

විදෙස්ගතව සිටින LTTE හිතවාදීන්ගෙන් මුදල් ලබාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ LTTE ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රවර්ධනය කළ මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමේ සාමාජිකයින් සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

නෙත් නිවුස් ඊයේ (18) මේ පිළිබඳ අනාවරණ කිරීමත් සමග පැය 24 ක් ගතවීමටත් පෙර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වුණා.

යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් අනුව යුද්ධ හමුදා බුද්ධි ඒකකය සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකය එක්ව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

LTTE ත‍්‍රස්ත සංවිධානය සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රවර්ධනය කරන මෙම කණ්ඩායම පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු ලබා දුන්නේ මුතූර් ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු කියා සිටියේ වසර 02 ක සිට මේ පිළිබඳ පොලීසිය දැනුවත් කළ ද ඔවුන්ට එරෙහිව කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොතිබුණු බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…

Shiran Viraj

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj

From Andes to Amazon: trekking through the Bolivian jungle

Shiran Viraj
Translate »