mediahumanrights.lk
Local NewsNews

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ් නයින්ටීන්  ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.

ඔහු ප්‍රකාශ කළේ  අනෙක් ආසාදිතයින් ‍දෙදෙනා නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකු බවයි .

ටි.වි දෙරණ ඔස්සේ විකාශය වු දෙරණ අරුණ වැඩසටහන සමග එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සදහන් කළේය.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත  ගණන 847 වෙයි.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සුවය ලැබු සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 260 ක් වන අතර වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බුකියේ හුවමාරු වන කොළඹ සුපිරි හොටලයේ මාළු පාන්, රෝල්ස්වලට ආපු 3900 බිල ගැන කතා කරපු අයටයි මේ

Shiran Viraj

ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..

Shiran Viraj

රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..

Shiran Viraj
Translate »