කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ නව රෝගීන් තිදෙනෙකු ඊශානදිග චීනයෙන් වාර්තා වී තිබේ.
එරට ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කළේ චීනයේ, ජිලීං සහ ලියාඕනිං යන පළාත් වලින් මෙම රෝගීන් වාර්තා වන බවයි.
එම රෝගීන් වාර්තාවිමත් සමග අදාල ප්‍රදේශ අර්ධ වශයෙන් වසාදැමිමට බලධාරින් පියවර ගෙන තිබේ.
මේ අතර ඊයේ (13) දිනය තුළ චීනයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පුද්ගලයින් 12 දෙනෙකු හදුනාගෙන ඇත.
(under the courtesy of adaderana.lk news web)