mediahumanrights.lk
News Political

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි..

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා අද දිනයේ දෙවැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පසුගිය ජනාධිපතිවරණය දිනයේ රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් උතුරු පළාතේ ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්ෂ 95 ක මුදලක් වියදම් කිරීමට අනුමැතිය දුන්නේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

පසුගිය 14 වෙනිදාද හිටපු අමාත්‍යවරයාගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් අතර හිටපු ඇමැතිවරයා එහිදී මාධ්‍ය වෙත කියා සිටියේ තමන් එම මුදල වියදම් කළ බව පිළිගන්නා බවයි.

ඒ සඳහා තමන් අත්සන යෙදූ බවත් තම අනුමැතියෙන් එය සිදු වූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් එම චෝදනාව එල්ල වී තිබෙන හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා එකී චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

තෙවන ජනරජ ව්‍යවස්ථාවට ජනතා අදහස් ඉල්ලයි

Shiran Viraj

සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..

Shiran Viraj

ආදරවන්තයන්ගේ දිනයේදී පෙම්වතිය මරා හිරේ ගිය පිස්ටෝරියස්ට අධිකරණයෙන් නැවතත් දැඩි තීන්දුවක් – Photos

Shiran Viraj