mediahumanrights.lk
Local NewsNews

දියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..

තමන් විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන නිරෝධායනය නොවී තම පියාවන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග නිවෙසටම ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ දියණිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය සදහන් කරන්නේ තමන් මේ වන විට බෙලරූස් රාජ්‍යේය විශ්ව විද්‍යාලයක අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින බවයි.

තම අවසන් විභාගය ලබන මාසයේදී පැවැත්වෙන බවත් එය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කරන ඇය තමන් සමග ශ්‍රී ලාංකික සිසුන් 400ක් පමණ ඉගෙන ගන්නා බවද සඳහන් කලාය

සිය කෙටි වීඩියෝවෙන් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටම ආශිර්වාද කිරීමටද ඇය අමතක නොකළාය.

නියෝජ්‍ය අජිත් රෝහණ මහතා මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙරට ජනයා අතර ඉමහත් ප්‍රසාදයට පත්ව සිටියි.

ඔහු සම්බන්ධයෙන් සමාජ ජාලාවල පළවක විවිධ නිර්මාණ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ඔහුද ප්‍රසාදය පළකර තිබේ. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

උපන්දින සුබ පැතුමට මෝදිගෙන් පිළිතුරු

Shiran Viraj

ජනපති අනුරගේ ආරක්ෂාව මහින්දටත් වඩා වැඩියි: SLPP මහලේකම්ගෙන් චෝදනා රැසක්

Shiran Viraj

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Shiran Viraj
Translate »