32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඡන්දය දුන් සියලු දෙනා අද කලකිරීමෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය අමතරව රණවිරුවන්ද අද දැඩි කලකිරීමෙන් සිටින බවද ඔහු පවසයි.

අද වනවිට රණවිරුවන් තමන්ට නිදාගන්නට ඇදක් නැතිව සිටින බවත් ඔවුන්ගේ ඇඳවල් නිරෝධායනය සඳහා ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

ඔවුන් 30-40කට ඇත්තේ එක වැසිකිලියක් පමණක් යැයිද ඔවුන්ට නිවාඩුද ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

රණවිරුවන්ට ආහාරපානද හරියාකාරව නොලැබෙන බවත් අද රණවිරුවන්ට ගෞරවයක්ද නැතිබවත් ඒ නිසා කලකිරීමෙන් සිටින බවත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ග

Shiran Viraj

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

Shiran Viraj

දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..

Shiran Viraj
Translate »