mediahumanrights.lk
Local NewsNews

ගුරුවරුන් පිරිසක් සහ සිසුන් පිරිසක් නිරෝධායනයට…

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු එම බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් 14 දෙනෙකු (20) දින මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.

දිඹුල පතන සහ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි බාහිර පන්ති පැවැත් වු ගුරුවරුන් දෙදෙනා තලවකැලේ නගරයේ උසස්පෙල විෂයට අදාල සහ තාක්ෂණ විෂය සම්බන්ධයෙන් බාහිර පන්ති පැවැත්විමට නගර සභාවෙන් අනුමැතිය ලබාගෙන බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති බවත්, කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් ලබා දි ඇති උපදෙස් අනුව එසේ බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති සියළු දෙනාට සෞඛ්‍යය උපදෙස් ලබාදෙන තෙක් යලිත්  බාහිර පන්ති නොපවත්වන ලෙස දැනුම් දි තිබු  බවද සභාපතිවරයා පැවසිය.

අදාල ගුරුවරුන් දෙදෙනා විසින් කිසිදු සෞඛ්‍යය නිර්නායකයක් නොපිලි පදමින් ඉතා සුක්ෂම ලෙස බාහිර පන්ති පවත්වාගෙන යන බවට තමන් වෙත ලද තොරතුරක් මත තම නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එම ස්ථානයට යවා සියළු දෙනා මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගත් බවද සභාපතිවරයා පැවසිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපති අශෝක සේපාල මහතා විසින් තලවකැලේ පොලිසියට දැනුම් දිමෙන් පසු බාහිර පන්ති පවත්වාගෙන ගිය ස්ථාන දෙකම මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් මුද්‍රා තැබු අතර , බාහිර පන්ති පවත්වාගෙන ගිය  ගුරුවරුන් දෙදෙනා සහ සිසු සිසුවියන් 14 දෙනා දින 14 ක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරන්ගේ අධික්ෂණය යටතේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කර ඇත.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්දීය ජයෙන් ඔස්ට්‍රේලියාව හඬා වැටේ

Shiran Viraj

මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැවතත්

Shiran Viraj

කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »