mediahumanrights.lk
Local NewsNews

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශවලින් ද, කැළණි ගගේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළු ගගේ රත්නපුර ජල මිනුම් ස්ථානයේ සහ ගිං ගගේ  තවලම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ගංගා දෙපස ජීවත් වන ජනතාව පවතින වැසි තත්ත්වය හේතුවෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයට

Shiran Viraj

ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී

Shiran Viraj

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Shiran Viraj
Translate »