mediahumanrights.lk
International NewsNews

කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි – සංචාරකයන්ට පැනවූ බාධාත් ඉවත් කෙරේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩාල වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දේශ සීමා විවෘත කිරීම ප‍්‍රධාන වශයෙන් පිටිවහලක් වනු ඇති බවට යුරෝපා සංගමය එක`ගතාවයකට එළඹ තිබෙනවා.

එම සංගමයේ ආර්ථික කටයුතු පිළිබඳ කොමසාරිස් පා ඕලෝ ජෙන්ටිලෝනි ප‍්‍රකාශ කළේ, සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දේශ සීමා යළි විවෘත කිරීම මනා උත්තේජනයක් වනු ඇති බවයි.

ඒ අනුව, ආරක්ෂක විධිවිධාන හා සීමා පැවතිය ද ඉදිරි ගිම්හාන කාලය සංචාරක සමයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවයි යුරෝපා සංගමය පවසන්නේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග යුරෝපයේ වසා දැමුණු දේශ සීමා යළි විවෘත කිරීම කෙරෙහි මේ වනවිට වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

සංචාරක සීමා ඉවත් කිරීමට එකඟ වූ යුරෝපා සංගමයට අයත් රටවල් අතරට ඔස්ටි‍්‍රයාව සහ ජර්මනිය ද එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට යුරෝපයෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහසය ලක්ෂ 96,391 ක්. කොරෝනා මරණ එක්ලක්ෂ 57,382 ක් ද මේ දක්වා යුරෝපයෙන් වාර්තා වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Shiran Viraj

ආපදාවන්ට මුහුණ දෙන්න රජයෙන් පස් අවුරුදු සැලැස්මක්

Shiran Viraj

ගෑස් මිල තවත් පහල දමයි…

Shiran Viraj
Translate »