2026-02-10
mediahumanrights.lk
International NewsNews

ඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්

ඉක්වදෝරය සඳහා ඩොලර් මිලියන 643 ක් ආධාර මුදලක් ලබා දිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය හිමිය තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරස හේතුවෙන් මතුව ඇති ආර්ථික හා සමාජිය ගැටළු විසඳා ගැනිමට ඩොලර් මිලියන 643 ක ණයක් ලබා සඳහා ඉක්වදෝරය විසින් සිදුකළ ඉල්ලීමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉක්වදෝරය දැඩි  පීඩාවට පත්ව ඇති ලතින් අමෙරිකානු රටක් වන අතර එරටින් ආසාදිතයන්  24,675 ක් සහ මරණ 883 ක් වාර්තා වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආදාළ මුල්‍ය ආධාරය ලබා දුන් පසු රටේ ආර්ථිකය නැවත සක්‍රීය කිරීමට සහ රැකියා ආරක්ෂා කිරීමට කටයුතු සිදුකරන බව ඉක්වදොර මුදල් අමාත්‍යාංශය පවසා ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොළඹ සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරයි..

Shiran Viraj

අමෙරිකාවට තවත් ඛේදවාචකයක් කඩා වැදීමට යයි

Shiran Viraj

වැරදි පාරේ ගිය 4765ක් දවස් 04කදී අල්ලයි

Shiran Viraj
Translate »