26 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News

අම්ෆන් සුළිකුණාටුව දරුණුයි – ශ්‍රී ලාංකික ධීවරයින් 180ක් සමග බෝට්ටු 30ක් අවදානමක

අම්ෆන් සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට ධීවරයින් 180 දෙනෙකු ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගොස් තිබෙනවා.

ඔවුන් බහුදින ධීවර යාත‍්‍රා 30 කින් මුහුදු ගොස් තිබුණා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබද තොරතුරු දැනුම්දීමෙන් පසු එම යාත‍්‍රා ආපසු පැමිණෙමින් ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ පත්ම පි‍්‍රය තිසේරා පවසනවා.

පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ධීවර ගමන් අවදානම් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සදහන් කළා.

දිස්ති‍්‍රක්ක 10 කට පැනවූ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර අම්ෆන් සුළිකුණාටුව හේතවෙන් දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කරන අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවට දැනටමත් අනතුරු අගවා අවසන්.  

විදෙස් මාධ්‍ය පැවසුවේ සුළිකුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ නැගෙනහිර දිග ප‍්‍රදේශවලට සහ බංග්ලාදේශයේ ප‍්‍රදේශ රැුසකට දැඩි සුළං සහ අධික වර්ෂාවක් පවතින බවයි.

1999 වසරෙන් පසු මෙතරම් ප‍්‍රබල සුළිකුණාටුවකින් ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපෑම් එල්ල වන පළමු අවස්ථාවද මෙය වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..

Shiran Viraj

කළින් හඳුනාගත්තොත් පිළිකා සුවකළ හැකියි

Shiran Viraj

මට කෝල් කරලා කියනවා "රිතූ මෙහෙමයි පොඩි සෙක්ස් සීන් එකකුත් තියෙනවා" කියලා – රිතූ ආකර්ෂා

Shiran Viraj