mediahumanrights.lk
Local News News

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී තිබේ.

ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සෑම වසරකම වෙසක් සැමරීම සිදු කරනු ලබයි.

එහෙත් මෙවර කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් ආගමික කටයුතු නිවෙස්වලට පමණක් සීමා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය 04 වන දින සිට ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරිමට රජය පියවර ගත් අතර රාජ්‍ය වෙසක් දින සැමරුම ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දීරයේදී පවත්වනු ලැබුවේය.

ආරෝග්‍යා පරමාලා ලාභා සංතුෂ්ටින් පරමං දනං යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය සිදු වූ අතර වෙසක් උත්සවයට සමගාමීව මුද්දර 04ක් සහ මුල්දින කවර 02ක් එළිදැක්වීම සිදු කර ඇත.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙවර වෙසක් සැමරුම අර්ථාන්විතව සිදු කරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වෙසක් දින සැමරුම පිළීබඳව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි මෙලෙස අනුශාසනා කළේය.

අද දිනයේ සිය නිවස පුදබිමක් බවට පත් කර ගත යුතුව ඇති බව ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි සදහන් කළේය.

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දන්සල් හා තොරණ ආදිය මෙවර සංවිධානය කිරිමෙන් වලකින ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මෙම දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

රජය ලබාදී ඇති උපදෙස් අනුව මෙවර වෙසක් උත්සවය සැමරීමට ජනතාව පියවර ගත යුතු බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පසුතැවිල්ලට හේතු වන දේ නොකිරිමෙන් ඉදිරි මඟ යහපත්ව සකසා ගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආපදාසන්න මොහොතේ බොදු වත්පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළීවෙත්ද පිළීපදිමින් රටත් ජනතාවත් සුවපත් කිරිමට අධිෂ්ඨාන කර ගත යුතු බවයි.

වෙසක් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ වෙසක් සැමරිය යුත්තේ වසංගතයෙන් මුදා ගැනිම සදහා කළ සටනේ ජයග්‍රහණය රැකෙන ආකාරයෙන් බවයි.

වසර දෙදහස් ගණනාවක් තිස්සේ ධර්මානූකූල ජිවිතයත් ගත කළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙහි ද ප්‍රතිපත්ති පුජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රජය ණය හංගන්නේ නෑ- තමන්ගේ වියදම් තමන්ගේ ආදායම්වලින් පියවා ගැනීමට ආණ්ඩුවට හැකි වුණා

Shiran Viraj

ලිංගික අධ්‍යාපනය පාසල් විෂයමාලාවට…- අධ්‍යාපන ඇමති

Shiran Viraj

ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවති – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දන්වයි

Shiran Viraj