mediahumanrights.lk
News Political

ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඡන්දය දුන් සියලු දෙනා අද කලකිරීමෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය අමතරව රණවිරුවන්ද අද දැඩි කලකිරීමෙන් සිටින බවද ඔහු පවසයි.

අද වනවිට රණවිරුවන් තමන්ට නිදාගන්නට ඇදක් නැතිව සිටින බවත් ඔවුන්ගේ ඇඳවල් නිරෝධායනය සඳහා ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

ඔවුන් 30-40කට ඇත්තේ එක වැසිකිලියක් පමණක් යැයිද ඔවුන්ට නිවාඩුද ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

රණවිරුවන්ට ආහාරපානද හරියාකාරව නොලැබෙන බවත් අද රණවිරුවන්ට ගෞරවයක්ද නැතිබවත් ඒ නිසා කලකිරීමෙන් සිටින බවත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

Shiran Viraj

වර්ජනය වාර්තා කිරීමට ගිය මාතර හිරු මාධ්‍යවේදියාට පහරදීමක්

Shiran Viraj

සේවක වර්ජනයෙන් ජල සැපයුමට බාධා

Shiran Viraj