mediahumanrights.lk
Local NewsNews

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

අප්‍රේල් මස 10 වන දින සිට 12 වන දින දක්වා සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කරන ලද සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 10 වන දින බෙලිගල හා කටුගස්තොට යන ප්‍රදේශවල දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු අප්‍රේල් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර පසුගිය 11 වන දින වැලිමඩ, කඩවත හා රාගම ප්‍රදේශවලදී තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය 12 වන දින නොච්චියාගම ප්‍රදේශයේ දී එක් පුද්ගලයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය ව‍‍‍්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ ජාලා ‍ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද පුද්ගලයින් 16 දෙනෙකු මේ වන විට අපරාධ පරික්ෂ‍ණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


(under the courtesy of adaderana.lk news web)

Related posts

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්

Shiran Viraj

ගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..

Shiran Viraj

දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.

Shiran Viraj
Translate »