mediahumanrights.lk
International NewsLocal News

යුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්

යුරෝපා කලාපයට වෛරසයෙන් එල්ලවූ බලපෑම තවදුරටත් අවම කරමින් ඉතාලියෙන් ඊයේ(15) අලුතින් මරණ 578ක් වාර්තාවී තිබුණි.

ඒ අනුව එරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 21,645ක්.

අලුතින් ආසාදිතයන් හමුවීමේ අඩුවක් දක්නට ලැබෙන බවද එරට වාර්තා සඳහන් කළේය.

අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 165,000කට අධිකයි.

ගතවූ පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් වාර්තාවූ මරණ 557 සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 18,812 දක්වා ඉහළ ගියේය.

හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 180,000කට අධිකයි.

ගෙවුණු දිනයේදී ප්‍රංශයෙන් මරණ 1438ක් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 17,167ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 147,860ක් ලෙසයි.

සමස්ත මරණ සංඛ්‍යාව 3,804 දක්වා ඉහළ දමමින් ඊයේ දිනයේදී ජර්මනියෙන් මරණ 309ක් වාර්තාවී තිබුණි.

එරටින් හමුව ඇති ආසාදිතයන් ගණන 134,750ක්.

මෙවන් පසුබිමක් තුළ රට කොවිඩ් වෛරසය පාලනයට පනවා ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට චාන්සලර් ඇන්ජෙලා මර්කල් තීරණය කර තිබේ.

ඒ අනුව කඩසාප්පු රැසක් යළි විවෘත කිරීමට අවසර දී ඇති නමුත් පාසැල් මැයි 4වන දා තෙක් වසා දැමෙන බව එරට වාර්තා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

Shiran Viraj

ඉරාජ් වීරරත්න හෝමාගමින් මෙවර මැතිවරණ සටහන – Photos

Shiran Viraj

කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?

Shiran Viraj
Translate »