28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලති

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග උතුරේ යාපනය දිස්ත්‍රීක්කය ඇතුලු දිස්ත්‍රීක්ක පහේම ජනතාව අද (20) උදෑසන සිට සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නගරයට පැමිණන ආකාරයක් දැක ගත හැකි විය.

කොරෝණා වයිරස් ආසාදිතයින් යාපනය දිස්ත්‍රීක්කයෙන් හමු වීම නිසා මාසයකට ආසන්න කාලයක් පනවා තිබූ ඇඳරිනීතිය අද ඉවත් කිරීමත් සමග සිය නිවෙස් වෙතට වී යාපනයේ ජනතාව විශාල වශයෙන් නගරයට පැමිණන ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ නමුත් යාපනය දිස්ත්‍රීක්කයේ නොකඩවා පනවා තිබූ ඇඳරිනීථිය තවත් සතියකින් හෝ ක්‍රියාත්මක කරන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යාපනය වෛද්‍යවරුන් පිරිසක් විසින් අද උදෑසන නිවේදනයක් නිකුත් කොට ඇත.

එහිදී එම නිලධාරීන් විසින් පෙන්වා දෙන්නේ ස්විස් දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන්ගේන් 16 දෙනෙකුට මේ වන විටත් කොරෝණා වයිරසය ආසාදනය වී ඇති අතර එම දේව මෙහෙයට සහභාගී වූ 350 කට ආසන්න පිරිසක් නිවේස් වල සහ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වන අතරම විදෙස් රටවල සිට යාපනය පැමිණි දහසකට අධික පිරිසක්ද නිරෝධායනය වන බැවින් මේ මස (අප්‍රේල්) 27 වනදා දක්වා ඇඳිරිතිය නොකඩවා පැනවීමට රජය විසින් පියවර ගත යුතු බවටයි.

කෙසේ වෙතත් අද උදෑසන සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් දෑ ලබා ගැනීමට පැමිණි උතුරේ වැසියන් බොහෝ පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පැමිණියහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..

Shiran Viraj

පියුමිට පුද්ගලික ජෙට් යානයක්..

Shiran Viraj

ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළට

Shiran Viraj
Translate »