mediahumanrights.lk
Local NewsNews

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

ඊයේ(09) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම කොමිසමේ කාලය ලබන ඔක්තෝබර් මස 9 වනදා තෙක් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මාස 3 ක කාලයකට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව පිහිටුවනු ලැබීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.

Shiran Viraj

අලුගොල්ල කන්දේ හටගත් ගින්න මැඬ පවත්වයි

Shiran Viraj

ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට

Shiran Viraj
Translate »