mediahumanrights.lk
Local NewsNews

වසාදැමූ තාරාපුරම් යලි අරී..

අප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යලි සාමාන්‍ය තත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

පුත්තලම ප්‍රදේශයේ සිට කොරෝණා වයිරස් ආසාදිතයෙකු තාරාපුරම් ගම්මානයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී ගම්මානයේ සැරිසරා ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම් පොලීසිය හා යුදහමුදාව එක්ව පසුගිය 08 වනදා සිට තාරාපුරම් ගම්මානය හුදකලා කිරීමට තීරණය කරන ලදි.

කෙසේ වෙතත් ගම්මානයේ වැසියන්ට පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දීමෙන් පසුව වසාදැමුනු ගම්මානය යලි සාමාන්‍ය තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.

නමුත් පවතින ඇඳිරිනීතිය තාරාපුරම් ගම්මානයට ඇතුලු මන්නාරම් දිස්ත්‍රීක්කයටම ක්‍රියාත්මක වන බවටද ඇඳිරිනීතිය කඩකිරීම් සමබන්ධයෙන් සොයාබැලීමටද යුද හමුදාවෙන් හා පොලීසියෙන් යොදවා ඇති බවට මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…

Shiran Viraj

පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමති

Shiran Viraj

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..

Shiran Viraj
Translate »