mediahumanrights.lk
International NewsNews

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්

ලොව පුරා වාර්තාවන වාර්තාවන කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 34, 000 ඉක්මවා තිබේ.

මේ වන විට වෛරසය ආසාධනය වු සංඛ්‍යාව විසිලක්ෂ 77,839ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පුද්ගලයින් පන්ලක්ෂ 9853 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

පසුගිය 24ක කාලය තුළ අමෙරිකාවෙන් කොවිඩ් මරණ 2459ක් වාර්තා වි ඇති අතර එරටින් වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 28, 506ක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකවෙ තුළ පුද්ගලයින් හයලක්ෂ 43, 508 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාධනය වි තිබේ.

පසුගිය 24 තුළ නව කොවිඩ් මරණ 1438ක් වාර්තා විමත් සමඟ එරටින් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 17,167ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ප්‍රංශයෙන් මේ වන විට හඳුනා ගෙන ඇති ආසාධිතයින් ගණන එක් ලක්ෂ 47,863ක්.

ස්පාඤඤයෙන් ආසාධිතයින් එක්ලක්ෂ 77,644 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 18.708ක් වෙයි.

ඉතාලියෙන් වාර්තාවන දෛනික මරණ සංඛ්‍යාවේ අඩුවීමක් ඊයේ දිනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 578ක්.

ඒ අනුව ඉතාලියේ සිදුව ඇති සමස්ත මරණ සංඛයාව 21,645ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාවන ආසාදිතයිනගේ සංඛ්‍යාව එක්ලක්ෂ 65,155ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..

Shiran Viraj

A/L කරන්න ලකුණු අඩු වුණත්,තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26ක්

Shiran Viraj

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

Shiran Viraj
Translate »