mediahumanrights.lk
Local NewsNews

රජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..

රට නැවත විවෘත කරන්න කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව තම නිර්දේශය ලබන සතිය වන විට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

රට තුළ මේ වන විට කොරෝනා වෛරසයෙන් කිසිදු බලපෑමක් නොවූ දිස්ත්‍රික්ක බොහෝ ප්‍රමාණයක් ඇති නිසා ඒවා ප්‍රමුඛව කරගෙන නැවත වතාවක් කර්මාන්ත ආරම්භ කිරීම සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැන් ක‍්‍රියමාර්ග සකස් කරන බව ඔහු පැවසීය.

ඒ සඳහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සෘජුවම සම්බන්ධ වන බවද ඔහු පැවසරීය.

මේ අතර රාජ්‍ය සේවකයන් ලබන 20 වන දා සිට රාජකාරි කොටස් වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන, ජල සම්පත් හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.

ආරම්භයේ දී කොළඹ දිස්ත‍්‍රික්කයේ 20%ක් කාර්යාලයේ කරමින් වැඩ කරන්නත් ඉතුරු දින හතර නිවෙසේ සිට වැඩ කරන්නත් සෙසු දිස්ත්‍රික්කවල 50% බැගින් වන සේ දිනක් හැර දිනක් සේවකයන් ආයතනයට පැමිණ රාජකාරි කිරීමට ද යෝජනා වී ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම සේවකයන් රාජකාරියට පැමිණෙන වේලාවන් ඔවුන්ට ගැළපෙන පරිදි වෙනස් කර තදබදයක් ඇති නොවන විදියට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය කරන බවද ඔහු පැවසුවේය.

මෙම ක්‍රමයම පෞද්ගලික අංශයටද ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි ඔහු ඒ හරහා සමාජ දුරස්ථභාවය ඇතිකරගෙන පොදු ප්‍රවාහනයේදී තදබදය අවම කර ගත හැකිද කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සැලුන් අරින්නට අවසර.. දැඩි කොන්දේසි..

Shiran Viraj

අවුරුදු 18දී එයත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා – එතනින් පස්සෙත් කොල්ලෝ ට්‍රයි කරනවා – රයිනි ගුණතිලක

Shiran Viraj

කාම ආශාවෙන් මත් වී ගෙට රිංගූ පොලිස් නිලධාරියාගෙන් කාන්තාවක් බේරුණු හැටි

Shiran Viraj
Translate »