mediahumanrights.lk
Local NewsNews

මෛත‍්‍රී-රනිල් උන්නා නම් ලංකාව කොරෝනාවෙන් ඇමරිකාවත් පරදනවා..

කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කරන්නේ යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි.

කෝවිඩ් 19 හෙවත් කොරෝනා රෝගීන් හදුනාගැනීමේ මධස්ථානයක් බවට පත් කර ඇති මිනුවන්ගොඩ රෝහල නවීකරණ කටයුතු පරීක්ෂා කිරීම සදහා එම රෝහල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ඇමතිවරයා මේ බව සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ අද මේ  රජය මේ රෝගය පැතිර යාම වැලක්වීම සදහා කටයුතු කරන්නේ විශේෂඥ මතය අනුවයි. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් රෝග ව්‍යාප්තිය වැලැක්වීමට අප සෑම පියවරක්ම ගන්නවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. බැරිවෙලාවත් මේ වසංගතවය ලංකාවට එනකොට රනිල් – මෛත්‍රී ජෝඩුව බලයේ හිටියානම් අපේ රටට දෙවියන්ගේ පිහිට තමයි. එහෙම උනානම් රට විශාලා මහනුවර බවට පත් වෙනවා. එහෙනම් මේ වසංගතයෙන් අද ඇමරිකාවට අත්වෙලා තියෙන ඉරණම අත්වෙන්නේ අපිට .

දැන් සමහරු ආණුඩුවට චෝදනා කරනවා ඇදිරි නීතිය ලිහිල් කිරීම ගැන. ආණ්ඩුව ඇදිරි නීතිය ක්‍රමක් ක්‍රමයෙන් ලිහිල් කරන්න ගත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මතය විමසීමෙන් පසුවයි. මොකද අපිට හැමදාම රට වහලා තියන්න බෑ. මාසයකට ආසන්න කාලයක් අප රට තුල ඇදිරි නීතිය පනවලා රෝග වසංගතය පාලනය කලා. දැන් අපිට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හෝ රජය විසින් වසා දමා ඇති ප්‍රදේශ වලින් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ වන විට කොරෝනා හදුනා ගැනීම සදහා පරීක්ෂණ ප්‍රමාණය වැඩි කර තිබෙනවා. ඇදිරි නීතිය නොමැති ප්‍රදේශ වල රාජ්‍ය හා පෞද්ගලික අංශ කටයුතු කල යුතු ආකාරය රජය දක්වලා තියෙනවා. රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අප ක්‍රමානූකූලව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

අපේ ආණ්ඩුව මැතිවරණ වලට බය ආණ්ඩුවක් නෙමේ. මැතිවරණ වලට බය අය තමයි අද ඔය විවිධ හේතු දක්වමින් මැතිවරණ කල් දාන්න නාහෙන් අඩන්නේ. 88-89 භීෂණය කාලේ මල මීනි මතින් බලයට ආවේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා. 88-89 මලමිණී  දේශපාලනය කලේ ජනතා විමුක්ති පෙරමුණ. මැතිවරණය කියන්නේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක්. අපි හැමවිටම ඒ අයිතිය ජනතාවට ලබා දෙන්න සූදානම්.   ”
(under the courtesy of lankacnews.com news web)

Related posts

දැනටමත් සුදානම් කර ඇති මංගල උත්සවයක් පැවැත්විය හැකිද ? බලධාරීන්ගෙන් උපදෙස්

Shiran Viraj

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

Shiran Viraj

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

Shiran Viraj
Translate »