mediahumanrights.lk
Local NewsNews

බේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..

බේරුවල ප්‍රදේශයේ ගම්මාන පහක පහක 25000 පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් මුල් වරට කොරෝනා රෝගියෙකු හමු වීමත් සමග මෙම තීන්දුව ගෙන ඇති බවයි.

එමෙන්ම මෙම ප්‍රදේශවල 900ට වඩා වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල යොමු කර ඇතැයිද
ඔහු පැවසීය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

බේරුවල ප්‍රදේශයෙන් පසුගිය 6 වනදා හමුවූ කොරෝනා රෝගියාද සමගින් එම ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා රෝගීන්ද 15ක් හමු වී ඇති බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බැසිල් රාජපක්ෂ විදේශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටවෙයි

Shiran Viraj

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj

ජල ගාස්තු වැඩි කරයි.. ජල සූත‍්‍රයක් එයි.. කැබිනට් පත‍්‍රිකාවක්..

Shiran Viraj
Translate »