mediahumanrights.lk
Local NewsNews

තවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයි

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද(16) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාධිතයින්ගේ  සංඛ්‍යාව 238 දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ(15) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාධිතයන් පස්දෙනෙකු හඳුනා ගගෙන ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනා ගෙන තිබේ.

එක් අයෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අයෙකු බවද සඳහන්.

මේ වන විට ආසාධිතයින් 166 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මෙරටින් මරණ 7 ක් වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..

Shiran Viraj

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

Shiran Viraj

දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයි

Shiran Viraj
Translate »