2026-02-12
mediahumanrights.lk
Local NewsNews

ගල්ගමුවේ හා මොරවැව මනුෂ්‍ය ඝාතන දෙකක්

ගල්ගමුව පොලිස් වසමේ හා මොරවැව පොලිස් වසමේවල මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව තිබේ.

ඊයේ(09) උදේ 8.30ට පමණ ගල්ගමුව පොලිස් වසමේ ඉහළගම ප්‍රදේශයේ දී ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවකට යකඩ පොල්ලකින් පහර දි බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල රෝහලට ඇතුළත කිරිමෙන් පසු මිය‍ගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්. ‍
කුරුණෑගල රෝහලේ ‍මෘත ශරීරය තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර, ඊයේ සවස 5.45ට පමණ මොරවැව පොලිස් වසමේ පන්කුලම ප්‍රදේශයේ දී කාන්තාවක් විසින් ‍පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි මොරවැව පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක් වු පන්කුලම, මොරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ත්‍රීකුණාමලය රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධියට අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

මොරවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..

Shiran Viraj

රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEO

Shiran Viraj

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj
Translate »