mediahumanrights.lk
Local NewsNews

කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..

මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහලේ කාර්ය මණ්ඩලය 14 දෙනෙකු නිරෝධාන ක්‍රියාවලියකට ලක්කර තිබේ.

මෙම පිරිස අතර වෛද්‍යවරුන් 04 සහ හෙදියන් 06 ද සිටිති.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.

අදාළ පුද්ගලයා අසත්‍ය ප්‍රකාශ කරමින් රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණ ඇති බව වෛද්‍යවරුන් පවසති.

තමනට කොරෝනා යයි සැක සහිත නම් එක්වරම රෝහලකට නොපැමිණ ‘1390’ අංකයට අමතා ලැබෙන වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස රජය දැනුම් දී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉරිදා කැළණිවැලියේ කිසිම දුම්රිය ධාවනයක් නෑ

Shiran Viraj

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Shiran Viraj

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

Shiran Viraj
Translate »