කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ තමන් මේ ගැන ඉතා වැදගත් දුරකථන සංවාදයක නිරත වු බවත් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ ඇතිවිය හැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ගැන එහිදී සාකච්ඡා කළ බවත් ඔහු එමගින් සඳහන් කරයි.
I had a good call with @GotabayaR, President of #SriLanka, on #COVID19 today. We discussed health and economic impacts #COVID19 can have on his country and the whole region. I thanked him for mobilizing the whole-of-government in the fight against the #coronavirus. Together!
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) March 31, 2020
(under the courtesy of lankacnews.com news web)