mediahumanrights.lk
Local NewsNews

ඇඳිරිනීති කාලසීමාවේ කසිප්පු පෙරූ 15ක් අත්අඩංගුවට

සියඹලාණ්ඩුව පොලීසිය විසින් සියඹලාණ්ඩුව පොලිස් වසම තුළ ඇඳිරි නීති කාලසීමාවේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත් පැන්,ගෝඩා සහ පෙරීම් උපකරණ සමඟ සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම් සියඹලාණ්ඩුව ඌරාගොඩ, පහතආරාව සහ මුතුකණ්ඩිය යන ප්‍රදේශවල සිදුකර ඇති අතර මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදනාගාර ලෙස මෙම ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති අතර ප්‍රදේශයේ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ඇඳිරි නීති සමයේමෙම මත්පැන් අලෙවි කර ඇත.මෙහිදී නීති විරෝධී මත් පැන්,මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා, බැරල්, දගර ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

මෙම වැටලීම් මොනරාගල කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත දීපාල් විජේසේකර මහතාගේ උපදෙස් හා නියෝග මත සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Shiran Viraj

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Shiran Viraj

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Shiran Viraj
Translate »