2026-02-23
mediahumanrights.lk
Local NewsNews

ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සැරසෙයි

අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොවපුරා අවශ්‍යතාවයක්ව පවතින ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනවලට පවති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් මෙරට තුළ සිදුකළ හැකිද යන්න පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

මෙම සාක්ච්ඡාවට ඩෙන්මාර්ක් සහ නේපාලයේ රැදිසිටින යුනිසෙෆ් ආයතනයේ  නියෝජිතයින්ද විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදි සාකච්ඡා වු කරුණු අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට සතියක් සඳහා අත්වැසුම් මිලියනයක් සහ මුඛ ආවරණ මිලියන 10ක අවශ්‍යතාවයක් පවතින බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා මඟින් එය ඉටුකරගත හැකිද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙහිදි ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදන සඳහා මෙරට ඇඟලුම් කර්මාන්තවලට අවශ්‍ය කරන සම්බන්ධීකරණ කටයුතු සිදුකිරිමට ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ මුලිකත්වයෙන් යුතු කම්ටුවක් පත්කළ බව හම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය සැරසෙයි – මන්ත්‍රී ශානකියන්ගෙන් විවේචනයක්

Shiran Viraj

තව දුරටත් ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? – නිදහස් පක්ෂ ඇමතිවරු සහ මන්ත්‍රිවරු එකඟතාවයකට එයි

Shiran Viraj

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

Shiran Viraj
Translate »