mediahumanrights.lk
Local News News

රත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන පැමිණි රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා ⁣ නිළධාරීන් දෙදෙකුට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු (25) සවස කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අණාවරණය වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කහවත්ත රිදිවිට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නාවික සෙබළකුට සහ කැගල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි ⁣ නාවික සෙබලෙකුට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වි ඇත.

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි සිටි මොවුන්ට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙි.

25 දා සවස එම නාවික සෙබළුන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල් සිට කොළඹ අයි.ඩි.එචි. රෝහල වෙත මාරැකර යවා ඇතැයි ආරක්ෂික අංශ කියයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

Shiran Viraj

කොළඹට ඇතුළු වන යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ වමෙන් යයි

Shiran Viraj

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

Shiran Viraj