mediahumanrights.lk
Local News News

කොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී වී  තිබේ.

44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මියගියේය.

ජර්මනියේ සංචාරයක නිරත වී මෙරටට පැමිණිමෙන් අනතුරුව ඔහුට වෛරස වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් 189 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 44 දෙනෙකු සුවය ලබා තිබේ.

ශ්‍රී ලංකාව තුළ වෛරස් ආසාධිතයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර වෛරස් ආසාධිතයින් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වා ඇති පිරිස 42,000ක් බවට පැතිර යන තොරතුර සාවද්‍ය බවයි ඔහු සදහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

Shiran Viraj

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්ත

Shiran Viraj

පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…

Shiran Viraj