mediahumanrights.lk
Local NewsNews

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් කිතු සමිඳාණන්ගේ කුරුසවත් යාගය අද දිනයේ සිදුකරයි.

කෙසේවෙතත් මේ දිනවල පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් දේවමෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙසයි කතෝලික පූජකවරුන් විසින් කිතුණු බැතිමතුන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව මහ සිකුරාදා දිනය සිහිපත් කරමින් අද දිනයේ දේවස්ථානවල දේව මෙහෙයන් සිදු වන්නේ නැහැ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් කිතුණු බැතිමතුන් අළු බදාදායින් ඇරඹුණු දින 40 ක් පුරා නිරාහාර ශීලය, දානමාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නාමස්කාරයේ නිරතවීම වැනි ආගමික කටයුතුවල නිරත විය.

මේ අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් පසු උත්ථානය වීම සිහිපත් කිරීම නම් පාස්කු ඉරිදා දිනය ලබන 12 වනදාට යෙදී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

Shiran Viraj

විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

Shiran Viraj

සිය දිවි හානි කරගන්නවාට වඩා ජිවිතේ විඳින්න දේවල් ගොඩක් තියෙනවා – ධනනංජි තාරුකා

Shiran Viraj
Translate »