mediahumanrights.lk
Local NewsNews

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට භාර දීමේ නොහැකිවූ නොහැකි බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

ඉකුත් දෙවෙනිදා මෙම නැකැත් සීට්ටුව භාරදීමට නියමිතව තිබුණද පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් එම කාර්යය අත්හැර දැමීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර උද්ගතවී තිබෙන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව වෙසක් උත්සවය සම්බන්ධ ආමිස හා ප්‍රතිපත්ති පූජා නිවාස ආශ්‍රිතව පමණක් සිදුකරන ලෙස මෙරට සියලුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලේකම්වරයා සඳහන් කළේ ය.

එමෙන්ම තම නිවසේ පැවැත්වෙන ආගමික කටයුතුවලට නිවසේ පුද්ගලයන් හැර පිටස්තර කිසිවකු සම්බන්ධ කර නොගන්නා ලෙසද මහජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

STEM අධ්‍යාපනය ප්‍රවර්ධනයට ක්‍රියාකාරී සැලසුමක්

Shiran Viraj

ශ්‍රී ලංකා පිළට අලුත් නායකයෙක්…? හතුරුසිංහ සමග සාකච්චා කරන්නත් නියමිතයි. 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන එන අලුත් නායකයා කවුද..?

Shiran Viraj

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

Shiran Viraj
Translate »