29 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒඅනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව එම මූලස්ථානය සදහන් කළේය.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැරදිකරුවන් වුවහොත් සිර දඩුවමකට සහ දඩයකට ද යටත් වනු ඇති.

මීට අමතරව ඔවුන් අවශ්‍යතාවය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමටද නියමිතයි.

මේ අතර පොලිසිය භාරයට ගනු ලබන වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් අදාල පොලිස්ස්ථානවල රැදවා තැබීමට ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..

Shiran Viraj

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

Shiran Viraj

නායයාම් නිවේදන තවදුරටත් වලංගුයි – ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට – පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින්න

Shiran Viraj
Translate »