mediahumanrights.lk
Local NewsNews

ඇප නොගෙවූ හා සුළු වැරදිවලට සිරගත කල රැදවියන් නිදහස් කරන්න ජනපති සූදානම්..

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිතුමා පත් කළ විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ දී එතුමා හමු වූ අවස්ථාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මීට පෙර බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණ කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට පියවර ගැනිණ.

දැනට දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් හෝ පුද්ගල ඇප ලබාදීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට  නිර්දේශ ඉදිරිපත් කරණු පිණිස කමිටුව මාර්තු 26 වනදා ජනාධිපතිතුමා යළි හමුවීමට නියමිතය.

නීතිඥ කමිටුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතය.

බන්ධනාගාර කොමසාරිස් ජයසිරි තෙන්නකෝන්, නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ලේකම්  කෞෂල්‍ය නවරත්න, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර සිල්වා, නීතිඥ සුසර දිනාල් යන මහත්වරු ඇතුළු නීතිඥ පිරිසක් හමුවට එක්ව සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පෝෂණ ගුණයෙන් සපිරි දිවුල් ගැන දැන ගනිමු.

Shiran Viraj

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Shiran Viraj

අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…

Shiran Viraj
Translate »