2026-01-23
mediahumanrights.lk
Local NewsNews

අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයි

බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම පුද්ගලයින් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර බණ්ඩාරගම අටළුගම ගම්මානය ඊයේ(27) සම්පුර්ණයෙන්ම භාහිර සබඳතාවලින් හුදකලා තර තිබීමට රජය පියවර ගනු ලැබීය.

ඒ එම ප්‍රදේශයන් කොරෝනා වෛරසයට ගොඳුරු වූ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි.

ඒ අනුව එම ගම්මානය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතියි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

Shiran Viraj

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

පාස්පෝට් 05ක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »