26 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක්.

ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

තවදුරටත් දිවයින පුරා රෝහල් වල කොවිඩ් නයින්ටීන් අසාධිතයින් බවට සැකකරන පුද්ගලයින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් ‍කළේය.

මේ අතර විදෙස් රටවල සෞඛ්‍ය සේවාව සහ මෙරට සෞඛ්‍ය සේවාව අතර පවතින වෙනස පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ රාත්‍රියේ ටිවී දෙරණ ඔස්සේ විකාශය වු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් ද අදහස් පළ කළේය.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට රෝහල් 21 ක ප්‍රතිකාර ලබන පිරිස 255ක්.

ඒ අතර විදේශිකයින් තිදෙනෙකු ද වෙයි.

මේ වන විට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

එහි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 88ක්.

තවත් රෝගීන් දස දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ සහ එක් රෝගියෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු සම්පූර්ණයෙන් සුවය ලබා ඊයේ දිනයේදී සිය නිවස වෙත පිටත්ව ගොස් තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ට අනුව රෝහල්ගතව සිටි විදේශිකයින් පස්දෙනෙකුගෙන් දෙදෙනකු කොරෝනා ආසාදනය නොවීම නිසා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙරට කොරෝනා රෝගීන්ගෙන් සියයට තිස් තුනයි දශම තුනක් වයස අවුරුදු 41ත් 50ත් අතර වයසේ පසුවෙයි.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 68ක් පිරිමි පුද්ගලයින්වන අතර සියයට 32ක් කාන්තාවන් බවයි.

මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවැනි කණ්ඩායම ඊයේ සිය නිවෙස් වෙත පිටව ගියේය.

201දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම ඉතාලිය හා දකුණු කොරියාව ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි පුද්ගලයින්.

මේ අතර අද දිනයේදීත් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

එම කණ්ඩායමට පුද්ගලයින් 163 අයත් වෙයි.

මේ අතර නිරෝධායන ක්‍රියාවලියට ලක්විය යුතු , එහෙත් මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථානයක හෝ, නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 0112 444 480 , 0112 444 481 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj

රෑ වැඩ ඉවරවෙලා Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාව

Shiran Viraj

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Shiran Viraj